ගාසාවේ සිටි මෙරට 11 දෙනෙක් දිවයිනට

November 05, 2023 - 3:45 PM
ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණි බව වාර්තා වනවා.

පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේ, ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බවයි.

රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවට හෝටලයක රැඳී සිටි බව එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා කියා සිටියා.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකිව තිබෙනවා.
(lknews.lk)