තර්ජනයට ලක් වූ බොලිවුඩ් රංගන ශිල්පිනිය

February 13, 2024 - 3:31 PM
ශ්‍රී ලංකික බොලිවුඩ් රංගන ශිල්පිනි ජැක්ලින් ෆර්ඩ්නෑන්ස් දිල්ලි පොලිස් කොමසාරිස් වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රසේකර් නමැත්තා තමාට තර්ජන එල්ල කරන බව පවසමින්.

ඔහු බන්ධනාගාරයේ සිට බිය ගැන්වීමේ ව්‍යාපරයක නිරතවන බව ඇය ලිපියක් යොමු කරමින් කියා සිටියා.

මේ නිසා දැඩි පිඩනයක් මෙන්ම තම ආරාක්ෂාවට ද තර්ජනයක් වී ඇති බවයි ඇය කියා සිටියේ.
(LKNEWS)