ත්‍රීරෝද රථයක් හා බස් රථයක් එකිනෙක ගැටී ජිවිත 04ක් අනතුරේ

September 08, 2024 - 4:06 PM
මීගමුව ප්‍රධාන මාර්ගයේ කලුගමුව හන්දිය අසලදී අද (08) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 04දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ ත්‍රීරෝද රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

ත්‍රීරෝද රථයේ ගමන් කළ 04දෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.



(lknews)