ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් පහළට

December 06, 2023 - 10:17 AM
ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේ, මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවයි. 
 
කෙසේවෙතත්, මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බව ඔහු පැවසුවා.
 
මෙළෙස ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම් ආනයනයට අවසර ලැබුණේ වසර තුනහමාරකට පසුවයි.
(lknews.lk)