අද ඇමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක්

April 08, 2024 - 9:12 AM
අද දින (08) ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සූර්ය ග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට පෙනෙන බවයි නාසා ආයතනය සඳහන් කළේ.

සූර්යග්‍රහණයක් ඇතිවන්නේ සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන ලෙස සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන්
කරනවිටදීයී.
 
ඒ අනුව පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී බවයි.


(lknews.lk)