මේ වසරේ පළමු මස තුළ ලක්ෂ දෙක ඉක්මවූ සංචාරක පිරිසක්

February 04, 2024 - 5:36 PM
2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.

එම මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 208,253ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළා.

එය පසුගිය වසරට සාපේක්ෂව 103%ක වැඩිවීමක් බවයි සඳහන් වන්නේ.

ජනවාරි මාසය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 34,399ක්.
(LKNEWS)