ඉදිරි මාස දෙක තුල දහසක පිරිසක් රිය අනතුරු වලට මුහුණදීමේ අවදානමක්

October 26, 2023 - 8:29 AM
රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව රටට මුල්‍යමය ලෙස බිලියන 731ක් අහිමි වන බව මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුව පවසනවා.

එමෙන්ම ඉදිරි මාස දෙක තුළදී 1,000 ක පමණ පිරිසක් මිය යා හැකි බවට ද අදාළ විද්වත් කමිටුව පුරෝකථනය කර තිබෙනවා.

මේ වසරේ ජනවාරි 01දා සිට ඔක්තොම්බර් 15 දක්වා සිදු වූ රිය අනතුරු 17,965 කින් පුද්ගලයින් 1,800 ක් මිය ගොස් ඇති බව සඳහන්.

ඒ අතර පාසල් වයසේ දරුවන් 165 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුව පැවසූවේ, වාර්ෂිකව සිදු වන 10%ක ප්‍රමාණයක අනතුරු වලට ලක්වන්නේ දරුවන් බවයි.
(lkinews.lk)