කොටුව දෙසට දැඩි රථ වාහන තදබදයක්

January 03, 2024 - 2:33 PM
කොළඹ 02 සිට කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.
 
ඒ විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම හේතුවෙන්. 
 
නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
(lknews.lk)