ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

September 25, 2023 - 7:06 PM
ඉන්දියාව විසින් දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙලෙස ලබාදීමට එකඟතාව පළකර ඇති බවයි වාර්තා වන්නේ.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති බව සඳහන්.

අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිතයි.
(lknews.lk)