දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

January 11, 2024 - 6:48 PM
අද රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් සහ හෙට උදෑසන ධාවනය වීමට නියමිත දුම්රිය දෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

ඒ පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන්. 
 
ඒ අනුව අවලංගු වන දුම්රියන් පහත පරිදි වනවා... 
  1. අද (11) රාත්‍රී කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී තැපැල් දුම්රිය 
  2. අද (11) රාත්‍රී 7.15 ට කොළඹ කොටුව සිට මඩකලපුවත්, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රියන් 
  3. හෙට (12) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.05 ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදය දේවී 
  4. සීඝ්‍රගාමී දුම්රිය හෙට (12) මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය
(lknews.lk)