උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

December 19, 2023 - 9:04 AM
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. 

ඒ හපුතලේ සහ දියතලාව අතරදී මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන්. 
 
කෙසේවෙතත් හැකි ඉක්මනින් මෙම මාර්ගය යථාවත් කිරීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)