මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

March 09, 2024 - 9:22 AM
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හා ජල සම්පාදන මණ්ඩලයේ නල එළීමේ කටයුතු හේතුවෙන්.

අද (09) , හෙට (10)  සහ අනිද්දා (11) යන තෙදින දුම්රිය ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.  
(lknews.lk)