සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයි

November 07, 2023 - 6:25 PM

පවතින අධික වර්ෂාව සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම මාර්ග වල දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම පවතින අධික වර්ෂාව සමග මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද ධාවනය වන සියලුම දුම්රියයන් මේ මොහොතේ සිට ප්‍රමාද වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)