මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි

March 30, 2024 - 10:59 AM
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අද (30) යම් ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගමන් වාර 25ක් ද අවලංගු වන බවයි.

කොළඹ නගර සභාව විසින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුවන බවයි සඳහන් වන්නේ.

(lknews.lk)