උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

February 07, 2024 - 2:28 PM
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත්තේ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙනි.
(lknews.lk)