උඩරට දුම්රිය ධාවනයට බාධා

October 15, 2023 - 5:27 PM
ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වටවල සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටමෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ද ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නේ නතර කර ඇති බව සඳහන්.

ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන අතර කඩිනමින් දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
(lknews.lk)