දුම්රිය ධාවනය අද සිදුවන ආකාරය ගැන පාලනාධිකාරියෙන් දැනුම්වත් කිරීමක්

September 13, 2023 - 10:03 AM
2023 සැප්තැම්බර් මස 13 වන දින ද දුම්රිය රියදුරුන් 84 දෙනෙකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මේ වන විට දුම්රිය පාලනාධිකාරිය දැනුම්වත් කර තිබෙනවා. 
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (13) දිනයේ උදෑසන කාර්‍යාලය දුම්රිය ගමන් වාර 40 ක් ධාවනයට එකතු කර තිබෙනවා. 
 
ප්‍රධාන මාර්ගයේන් කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15 ක්ද , පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04 ක් ද , කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4 ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17 ක් ද හා දුර පළාත් වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට කටයුතු මේ වන විට යොදා තිබෙනවා.
(lknews.lk)