අදත් දුම්රිය නවතියි

June 10, 2024 - 10:53 AM
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (10) හතරවන දිනටත් ක්‍රියාත්මක වනවා.

මෙම වැඩවර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීමට හැකි උපරිම ආකාරයෙන් බස් රථ ප්‍රමාණයක් අද දිනයේ ධාවනයට එක් කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව දුම්රිය ස්ථානවල ආසන්නයේ ඇති ඩිපෝවලට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් කියා සිටියේ.

(lknews)