සංක්‍රාන්ති ලිංගිකයින්ට මාර්ගෝපදේශ

December 20, 2023 - 10:48 AM
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාව සැපයිය යුතු ආකාරය පිළිබඳව මෙසේ මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්.

එම මාර්ගෝපදේශ අයත් වන ක්ෂේත්‍ර වන්නේ,
1) හෝමෝන ඇතුළුව ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර සැපයීම.
2) සංක්‍රාන්ති ලිංගිකයින් පිළිබඳව සෞඛ්‍ය සේවකයින්ට අධ්‍යාපනය ලබාදීම සහ රැකවරණය සැපයීම සඳහා පුහුණුව.
3) අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා සැපයීම.
4) සංක්‍රාන්ති ලිංගිකයින්ගේ රැකවරණය සඳහා සහය වන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීම සහ නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාදීම.
(lknews.lk)