COVID -19 ප්‍රතිකාරයකින් ඇස්වල පැහැය නිල් වෙයි

September 08, 2023 - 1:34 PM
මාස 6 ක පිරිමි දරුවෙකු හට සාමාන්‍ය COVID -19 ප්‍රතිකාරයකින් පසු තද දුඹුරු ඇස්, තද නිල් පැහැ ගැන්වී තිබෙනවා.

මෙම දරුවා තායිලන්ත දරුවෙක් බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ දරුවා දිනක් උණ සහ කැස්සකින් පෙලීමෙන් අනතුරුව COVID -19 රෝගය වැළඳී ඇති බවට රෝග විනිශ්චය කර බවයි.

ඔහුට දින 3 ක් Favipiravir ඖෂධය සමඟ ප්‍රතිකාර කර ඇති බව සඳහන්.

කෙසේවෙතත්, ඖෂධය ආරම්භ කර පැය 18 කට පසුව, මව නිරීක්ෂණය කර ඇත්තේ දරුවාගේ ඇස්වල තද දුඹුරු වර්ණය දීප්තිමත් නිල් පැහැයට මාරුවන බවයි.

ඒ අනුව, Favipiravir ඖෂධය නතර කර දින පහකට පසු යළි එම ඇස් මුල් දුඹුරු පැහැයට හැරී තිබෙනවා.

පසුගිය වසරේ දී තායිලන්ත මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය Favipiravir ප්‍රතිවෛරස් ප්‍රතිකාරය අනුමත කර ඇත්තේ, COVID -19 හි මෘදු හෝ මධ්‍යස්ථ රෝග ලක්ෂණ අත්විඳින දරුවන් සඳහායි.

මේ අතර, 2021 වසරේ දී ඉන්දියාවේ 20 හැවිරිදි තරුණයෙක් Favipiravir ප්‍රතිකාරය ලබාගත් දෙවන දිනයේදී තද දුඹුරු පැහැති ඇස් දීප්තිමත් නිල් පැහැයකට පරිවර්තනය වූ බවට වාර්තා වී තිබුණා.
(lknews.lk)