කොළඹ මාර්ගයකට තවත් ගසක් කඩා වැටෙයි - අයෙකුට තුවාල

November 08, 2023 - 10:58 AM
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ ආර්. ඒ. ඩිමෙල් මාවතේ තවත් ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මතට ඊයේ (07) පස්වරුවේ එම ගස කඩා වැටීම හේතුවෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

පසුගිය ඔක්තොම්බර් මස 06 වනදා ද කොළඹ ආර්. ඒ. ඩිමෙල් මාවතේදී බස්රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
(lknews.lk)