ත්‍රිපෝෂ සෑදීමේ නීති වෙනස් කෙරේ

December 27, 2023 - 10:29 AM
කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල වසවිස පාලනය කිරීමේ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

ඒ අනුව ත්‍රිපෝෂ හැදීමට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත විය හැකි උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය අගය 5 සිට 10 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ හරහා කුඩා දරුවන් සහ මව්වරුන්ගේ ජීවිත අවදානමට ලක්වන බවයි එම පක්ෂය වැඩිදුරටත් පැවසුවේ. 
(colombotimes.lk)