ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි - එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට

July 26, 2024 - 3:17 PM
පිටිගල - මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ පියා සහ පුත්‍රයා මිය ගොස් තිබෙනවා.

අනතුර හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු පොලීසිය විස්සින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(lknews)