ඉරිදා දිනයේ උපකාරක පන්ති තහනම මැති සබයට

December 07, 2023 - 9:25 AM
ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ, ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම දහම්පාසල් පවත්වාගෙන යාමට බාධවක් වන බවයි.

දහම් අධ්‍යාපනයට වැඩි අගයක් එක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ඊට පිළිතුරු ලබා දෙමින් විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටියා.
(lknews.lk)