ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යන බවට සංගම් අනතුරු අඟවයි

December 29, 2023 - 4:01 PM
18%ක VAT පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ජනවාරි මාසයේදී ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය අද ප්‍රකාශ කළා. 

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.
 
පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් VAT ගැලපීම සමඟ ගාස්තු වැඩි කිරීමක් සඳහා යොමු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
(lknews.lk)