යුක්‍රේනය රුසියානු සබ්මැරීනයක් විනාශ කරයි

August 04, 2024 - 12:14 PM
රුසියානු ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් ලා තිබූ Rostov-on-Don' නැමති සබ්මැරීනය යුක්‍රේනය විසින් විනාශ කර තිබෙනවා.

ඒ මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟයි.

එම සබ්මැරීනය Kalibr කෲස් මිසයිල දියත් කළ හැකි රුසියාවේ කළු මුහුදේ බලඇණිය විසින් මෙහෙයවනු ලබන සබ්මැරීන හතරෙන් එකක් බව වාර්තා වනවා.

තවද S-400 ගුවන් ආරක්ෂක පද්ධති හතරක් ද මෙම ප්‍රහාරයෙන් විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(lknews)