උමාඔය ව්‍යාපෘතිය යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක්

January 27, 2024 - 9:48 AM

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3,077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

(lknews.lk)