ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය අවිනිශ්චිත තත්ත්වයක

November 05, 2023 - 7:13 PM
දිල්ලියේ අහිතකර වායු තත්ත්වය හේතුවෙන් හෙට (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ලෝක කුසලාන තරගය අවිනිශ්චිත බවට වාර්තා වනවා.

එම තත්ත්වය මත බංග්ලාදේශ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඊයේ පැවති පුහුණු සැසිය සඳහා ද සහභාගි නොවූ බව සඳහන්.

ඒ අනුව ඊයේ පුහුණුවීම් සඳහා පැමිණ තිබුණේ, බංග්ලාදේශ ක්‍රීඩකයන් 08 දෙනෙකු පමණයි.

බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ, දුර්වල වාතයේ තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය තත්ත්වය අවදානමේ නොදැමීමට බංග්ලාදේශ ක්‍රීඩකයන් තීරණය කර ඇති බවයි.
(lknews.lk)