කැලණි ගඟෙන් මතු වූ නාඳුනන මළ සිරුර

August 10, 2024 - 10:11 AM
ග්‍රෑන්පාස් පොලිස් වසමේ තොටලග පැරණි පොළ අසල කැලණි ගඟේ තිබියදී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා පිරිමි අයෙක් වන අතර ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර පසුවූවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කොට තිබෙනවා.