දරුවන් හට මුඛ ආවරණ පලදන්න - සෞඛ්‍ය අංශ ඉල්ලයි

October 04, 2024 - 9:33 AM
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ එමනිසා එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙසයි.

එමෙන්ම අත්, පා මුඛ රෝග (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියා.

ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා කියා සිටියේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි.

(lknews.lk)