හෙද සේවාවේ පුරප්පාඩු 1,000ක් බඳවා ගැනේ

September 13, 2023 - 12:01 PM
හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වනවිට 3000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින බව සඳහන්.

ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබුණා.
(lknews.lk)