දීපව්‍යාප්තව සරම්ප එන්නත ලබාදීමට පියවර

January 20, 2024 - 10:05 AM
සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහක් අද (20) සහ හෙට දීපව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා මෙසේ එන්නත් ලබාදෙන බව සඳහන්.

ඒ අනුව මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් එන්නත ලබා ගත හැකියි.
(lknews.lk)