වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව නවතයි
November 03, 2024 - 5:46 PM
වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.
එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක්දී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
(lknews)