බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතියි

September 25, 2023 - 5:22 PM
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා අත්හිටුව බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ඒ, පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ. සී. එන්. පෙරේරා මහත්මියසඳහන් කළේ, ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ද සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇති.
(lknews.lk)