කොදෙව් කාන්තාවන් අසරණ කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්

June 21, 2024 - 4:45 PM

කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21) පැවති 3වන එක්දින තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් වුණා.  

එහිදී චමරි අතපත්තු ලකුණු 91ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 115ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

(lknews)