ග්‍රාම නිලධාරී වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

August 18, 2024 - 11:55 AM
ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව, ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි.  

(lknews)