රටවල් කිහිපයකට වීසා නොමිලේ නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය

October 24, 2023 - 10:34 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් කිහිපයකට වීසා නොමිලේ නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව ,චීනය ,රුසියාව ,මැලේසියාව ,ජපානය ,ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා නොමිලේ නිකුත් කෙරෙනු ඇති.

මෙම නියමු ව්‍යාපෘතිය ලබන මාර්තු 31 දක්වා ක්‍රියාත්මකයි.
(lknew.lk)