"විශ්ව බුද්ධ" යළි රිමාන්ඩ්

January 29, 2024 - 3:28 PM

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නොහොත් 'විශ්ව බුද්ධ' නමින් පෙනී සිටි තැනැත්තා පෙබරවාරි 02 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින්.

මේ සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවනු ලැබුවා.

මෙහිදි මෙම නඩුවට අදාළව සැකකරුගේ ඇප අවලංගු නොකිරීමට ද මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළා.

මේ අතර එහිදි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසයි.

(lknews.lk)