ඡන්ද හිමි නාම ලේඛනය සැකසීම ආරම්භ කරයි

April 09, 2024 - 11:55 AM
2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීම අද දින (09) සිට ආරම්භ කරන බව වාර්තා වනවා.

ඡන්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූ අය සඳහා අද සිට මැයි මස 06 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්.එස් රත්නායක සඳහන් කළා.

ඒ අනුව ඔහු කියා සිටියේ නම ඇතුලත් කර ගැනීම ග්‍රාම නිලධාරී කාර්යාලයට හෝ මැතිවරණ කාර්යාලයට ගොස් කළ හැකි බවයි.

නැතිනම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කර ගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


(lknews.lk)