වනිඳුට තෙවැනි තැන

December 07, 2023 - 4:34 PM
ICC නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගන්නට ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන්.

පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිව තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ වනිඳු හසරංගටයි.

මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානයේ පසුවනවා.
(lknews.lk)