වනිඳුට සහ බිනුරට පැනවූ දඩ

July 08, 2024 - 3:02 PM
ජූලි 2 වනදා පැවති Colombo Strikers සහ Kandy Falcons අතර තරගයේදී ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් Colombo Strikers කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබෙනවා.

ඔහු විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අකීකරු වී ඇති අතර එය LPL චර්යා ධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය උල්ලංඝනය කිරීමක්.

එම තරගයේදීම ඇඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් Kandy Falcons කණ්ඩායමේ වනිඳු හසරංගට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර තිබෙනවා.

(lkmews)