16 වන රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

May 19, 2025 - 8:51 AM
දශක 3කට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සමරන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය අද පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
 


(colombotimes.lk)