උණුසුම් තත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

March 01, 2024 - 3:53 PM
උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කරනවා.
(lknews)