වෙළෙඳුන් හොර කළොත් වැඩ වරදින ලකුණු

January 02, 2024 - 6:43 PM
ඊයේ (01) සිට ක්‍රියාත්මක VAT බද්ද ඉහළදැමීම සිදු කළා.

ඒ අනුව ජනවාරි 1 වැනිදා සිට නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩ සහ සේවා සඳහා පමණක් ඉහළ දැමූ වැට් බදු ගාස්තු අදාළ වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

මෙලෙස 20024 ට පෙර වෙළෙඳපොළට නිකුත් කරන ලද භාණ්ඩ සඳහා වැට් බද්ද මත පදනම් වූ මිල ගැලපීම් අදාළ නොවන බවයි එම අධිකාරිය පැවසුවේ.

එලෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමූ වෙළෙඳුන්ට එරෙහිව පියවර ගන්නා බව ද එම අධිකාරිය සඳහන් කළා.
(lknews.lk)