ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

December 14, 2023 - 10:08 AM
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

ඒ ගාල්ල හපුගල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. 
 
ඒ අනුව බෝපේ, පෝද්දල, හපුගල, හබරාදූව, බූස්ස, අක්මීමන හා රත්ගම ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.
(lknews.lk)