කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලකප්පාදුවක්

October 19, 2023 - 8:20 PM
එළඹෙන 21සෙනසුරාදා දින පස්වරු 5.00 සිට පසු දින පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)