කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

November 24, 2023 - 9:49 AM
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) සවස 5:00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

ඒ අඹතලේ ජල සම්පාදන පද්ධති වැඩිදියුණු කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. 
 
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට හෙට (25) උදෑසන 9:00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
(lknews.lk)