හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

February 16, 2024 - 4:11 PM
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (17) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

හෙට පස්වරු 5 සිට 18 වන  ඉරිදා පෙරවරු 9 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
(lknews.lk)