හෙට ජල කප්පාදුවක්

December 08, 2023 - 12:06 PM
හෙට (09) පස්වරු 5.00 සිට එළඹෙන 10 වෙනිදා පෙරවරු 9.00 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා සිදුකරන ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ජලය කප්පාදු කරන බව සඳහන්.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජලය කප්පාදු කෙරෙනු ඇති.
(lknews.lk)