අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

January 13, 2024 - 10:24 AM
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව සඳහන්.
(lknews.lk)